මහනුවර ඓතිහාසික ශ්රී් දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්යඅයේ අවසන් රන්දෝලි පෙරහැර 2016.08.17 වන දින වීදි සංචාරය කෙරිණි. මහනුවර ශ්රීැ දළදා පෙරහැර මංගල්ය යේ ප්රමථම කුබල් පෙරහැර පසුගිය අගෝස්තු 08 වනදා සිට 12 වනදා දක්වා දින 05 ක් වීදි සංචාරය කෙරුණු අතර රන්දෝලි පෙරහැර ඉකුත් 13 වනදා සිට වීදි සංචාරය කෙරිණි. එහි අවසන් රන්දෝලි පෙරහැර 2016.08.17 වන දින දළදා මාලිගාව අභියසින් ගමන් ආරම්භකර දළදා වීදිය, යටි නුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහලට විත් මාලිගාවට ගෙවදීම සිදුකෙරිණි. මෙහිදී උතුම් සධාතුක කරඩුව වැඩම කරවීම නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් සිදුකල අතර දෑලේ ඇතුන් ලෙස කතරගම වාසනා හා ඉන්දිරාජා හස්තීන් ගමන් කළහ. මෙවර මහනුවර ඓතිහාසික ශ්රීම දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්යන නැරබීම සදහා දෙස්විදෙස් බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර මෙවර දළදා පෙරහැර උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv