ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ කුසළධම්ම නාහිමියෝ

සම්බුද්ධ ශාසනයට මෙන්ම අපේම ජන සමාජයට උතුම් මෙහෙවරක් ඉටු කිරීම යුතුකම කොට ගත් සංඝ පීතෘවරයාණන් වහන්සේලා විරල වු මෙවැනි කාලවකවානුවක කොළඹ සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසළධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම ජාතියටත් ශාසනයටත් විශාල පාඩුවක් බව පුනපුනා කිවයුතුව නැතග 1963 ඇසළ මස 30 දින බියගම දරණාගම ග්‍රාමයේ කරලැයින්නෝනා උපාසක මාතාව සහ ගුණසේන කුමාරපේලි යන දම්පතීන්ට දාව උපන් ආනන්ද නෙවිල් කුමාරපේලි නැමති පිංවත් පුත් කුමරා දියණියන් දෙදෙනෙකුගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවා වියග පෙර භවයක සිට ගෙන ආත්ම පුරුද්දට මෙන් දහමට ලැදි වූ මෙම කුළ කුමරා කෙළිලොල් ළමා වියේදීද තැන්පත් ගතිලක්ෂණ වලින් සමන්විත වියග තම ගම්පළාතේ සියඹලාපේ දරණාගම මහා විද්‍යාලයේදී මූලික අධ්‍යාපනය තුළින් දැක්වූ දක්ෂතා නිසාම කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත්ව දීප්තිමත් ශිෂ්‍යකු ලෙසින් පාසල් අධ්‍යාපනය අවසන් කලේයග ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී බුද්ධ ධර්මයල බෞද්ධ සංස්කෘතිය සහ සිංහල විෂයයන් ප්‍රගුණකොට ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හග නව යොවුන් වියේ සිටම ගිහි ජීවිතයේ අරුත්සුන් බව දැන තේරුම්ගත් ආනන්ද කුමාරපේලි තරුණයා පැවිදි දිවිය ඇරඹුවේ 1985 බක් මස පස්වන දින හංවැල්ලේ ජල්තර ධම්මික යෝගාශ්‍රමයේදී පූජ්‍යපාද කොරතොට විමලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙසයග සසර ගමනේ සහජයෙන් රැගෙන ආ සරළ අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් බුද්ධ දේශණාව ජීවන මාර්ගෝපදේශය කරගනිමින් භාවනායෝගීව වැඩ සිටීමටත්ල භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමටත් වැඩි කළක් යෙදවූහග වන්දනාමාන කිරීමට පැමිණි ගිහි පින්වතුන් හටද භාවනා ක්‍රම කියාදෙමින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනිමේ මාර්ගයට යොමු කරමින්ල කමටහන් ලබා දෙමින්ල යෝගාශ්‍රමයේ ආදර්ශමත් භික්ෂූන් වහන්සේ කෙනෙකු ලෙස වැඩ සිටියහග පසුකලෙක කටුකුරුන්දේ බෞද්ධ මධ්‍යස්ථානයට වැඩමකළ උන්වහන්සේගේ ශාසනික මෙහෙවර පුළුල් ලෙස සැළසුම්කොට ඉටු කිරීම ආරම්භ කළහග

බම්බලපිටියේ සිරි වජිරාරාමය දේශීය මෙන්ම ජාත්‍යන්තර ධර්මප්‍රචාරක කටයුතු සඳහා ප්‍රචලිත වූ විහාරස්ථානයකිග අතිපූජනීය වජිරාරාමයේ පියදස්සි නාහිමිපාණන් වහන්සේ එකළ ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් වූ ධර්ම දේශකයන් වහන්සේ නමක් වූහග උන්වහන්සේ ඇසුරෙහි ඉතා සුවච කීකරු ශිෂ්‍ය රත්නයක් ලෙස වජිරාරාම විහාරස්ථානයේ වැඩ සිටිමින් එහි දහම් පාසලේ විදුහල්පති ධූරයද උසුලමින් සිසු සිසුවියන්ගේ ධර්ම අධ්‍යයනය ඉතා උසස් මට්ටමකට නැංවීම පිණිස ඇප කැප වී වැඩකල උන්වහන්සේ පියදස්සි නාහිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම මත කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට වැඩම කොට එහි විහාරාධීපතිත්වයට පත්වූ සේකග එකළ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩසිට අකාලයේ අපවත් වී වදාල අතිපූජ්‍ය පානදුරේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය කිරීම සඳහා ගෙනගිය මහඟු මෙහෙවර නොකඩවා ඉටු කිරීමට අප්‍රමානව වෙහෙස වීයග උන්වහන්සේ ශ්‍රී සම්බෝධි විහාරය තුළ ආරම්භ කළ ර්‍ණශ්‍රී සම්බෝධි දහම් පාසල” ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි භාෂා දහම් පාසල වියග

කුසළධම්ම නාහිමිපාණන් වහන්සේ කළ ශාසනික මෙහෙවරට අමතරව විශාල සමාජීය සේවයක්ද ඉටු කළහග දශක තුනකට අධික කාළයක් කුරිරු යුද්ධයක අහේතුක ක්‍රියාකාරකම් වලින් ගිණිගෙන දැවුණු අපගේ මව්බිම බේරාගැනීමට දිවි හිමියෙන් සටන්කොට ආබාධිත වූ රණවිරුවන් උදෙසා ඉමහත් සේවයක් ඉටුකළ අතර දුප්පත් ගොවි පවුල් සඳහා කිරි ගවදෙනුන් මරණයෙන් නිදහස්කොට ලබාදීමදල විටින් විට ගැබිණි මව්වරුන් සඳහා පෝෂිත වූ ආහාර පාන ආදිය බෙදාදීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කළහග

1998 නිකිණි මස 18 වන දින ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ භාරකාරත්වය උන්වහන්සේට පූර්ණ ලෙස පැවරුනේ අතිපූජ්‍ය පියදස්සි නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමත් සමඟයග එම කාලවකවානුව තුලදී උන්වන්සේ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක ධූරන්දරව වැඩසිටි අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත උඩුගම ධම්මසිද්ධි ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහනාහිමිපාණන් වහන්සේ ගුරුකොට අස්ගිරි මහා විහාර උපොෂථාගාරයේදී අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් උපසම්පදාව ලැබීයග අනතුරුව අස්ගිරි-මල්වතු උභය මහා විහාර වලින් සිදුකරන්නා වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ දළදා තේවාවද සිදුකිරීමට උන්වහන්සේ පුණ්‍ය මහිමය ලැබූහග උන්වහන්සේගේ ශාසනික සේවය ඉදිරියටම ගෙන යමින් උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සමාජ සංවර්ධන පදනම ආරම්භකොට සකළ ලෝ වැසියන් හට උතුම් වූ ශ්‍රී සද්ධර්මය බෙදාදීමේ වැඩපිළවෙල ආරම්භ කළ අතර‍ ර්‍ණසැම හි‍ත සුව පිණිස” යන තේමාව මුල්කොට ගෙන බෞද්ධයා රූපවාහිනී නාලිකාවත් බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවත් ආරම්භ කළහග එමෙන්ම ශ්‍රී සම්බෝධි සදහම් සඟරාව තුලින් ලෝවටා විසිරී සිටින බෞද්ධ පිංවතුන් හට ධර්ම ඥාණය ප්‍රගුණකර ගැනීමට සැළැස්වීයග සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිකත්වය රැක ගැනීම උන්වහන්සේගේ උදාරතර පරමාර්ථයක් වියග මෙම පරමාර්ථයන් සාර්ථක කර ගැනීම උදෙසා උන්වහන්සේගේ මූලිකත්වයෙන් දරුදිරි සහන අරමුදලල ගැමි පුනරුස්ථාපන වැඩසටහනල ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා වැඩසටහන වැනි සමාජසේවා කටයුතු තුළින් දරු දැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම ග්‍රාමීය කර්මාන්ත ආරම්භ කිරීම සහ ස්වභාවික ව්‍යසන වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් කල සත්කාර බෙහෙවින් අගය කළ යුතුයග

ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍රකොට ගනිමින් මහා පිංකම් මාලා රැසක්ම සිදු කළ උන්වහන්සේ මියුගුණ මහා සෑ වන්දනාවල මහා බෝ සෑ සහ අටමස්ථාන වන්දනාවල පොළොන්නරු සොළොස්මස්ථාන වන්දනාව ආදී අසදෘෂ මහා පිංකම්ද බුදුන්වහන්සේ උප්පත්තිය ලද දඹදිව්තලයේ අවිජහිත පුණ්‍යභූමි වන්දනාව මෙන්ම මියන්මාරයල තායිලන්තය වැනි බෞද්ධ රාජ්‍යයන් මූලික කර ගනිමින්ද බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් ආදර්ශවත් මහා පිංකම් මාලා රැසක් සිදු කළහග එමෙන්ම චීනය සහ ජපාන රාජ්‍යයන්හි ධර්මප්‍රචාරක වැඩ සටහන් ද මහත් කැපවීමකින් දියත් කළ අතර එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝ හි ර්‍ණශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානය” ආරම්භ කළසේකග

පනස් හතර වියේ පසු වූ උන්වහන්සේ හදිසියේ ගිලන්වීමෙන් ප්‍රතිකාර ලැබීම සඳහා අමෙරිකාවේ හූස්ටන් නුවර සුප්‍රසිද්ධ රෝහලක ප්‍රතිකාර ලබා ශ්‍රී ලංකාවට වැඩමකොට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටියදී 2018 මැදින් මස තුන්වන දින මනා සේ කල්පනාවෙන් යුතුව අපවත්වී වදාරන්නට යෙදුනාහග අතිපූජ්‍ය දරණාගම කුසළධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සමස්ථ බෞද්ධ ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාව තුල සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සිදුවූ විශාල පාඩුවක් ලෙස අප දකින්නෙමුග උන්වහන්සේට නිවන් සුව පතන්නෙමු.

Web – http://www.thebuddhist.tv
LIKE US – https://www.facebook.com/TheBuddhistTv