ධර්ම දේශනාවන් සඳහා දායකත්වය භාරගැනීමේදී සහ පටිගත කිරීම් සඳහා පැමිණ කටයුතු කළයුතු ආකාරය සම්බන්ධව පිළිපැදිය යුතු උපදෙස් මාළාව

 අදාල අයදුම්පත නිසියාකාරව පුරවා අත්තිකාරම් මුදලක් ගෙවා ධර්ම දේශනාව සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරගත හැක.

ධර්ම දේශනාව පටිගත කරන සහ විකාශය කරන දිනයන් නාලිකාව සමඟ සාකච්ඡා කර ලබාගත හැක.

ධර්ම දේශනාව පවත්වන දේශකයාණන් වහන්සේ තීරණය කිරීම නාලිකාව සතු වේ.

පුරා පැයක කාලයක් බෞද්ධයා රූපවාහිණී මැදිරිය තුළ දායක පිරිසගේත් සහභාගීත්වයෙන් ධර්ම දේශනාව පටිගත කරන අතර ඉන්පසු පෙර යොදාගත් දිනයේදී විකාශය කෙරේ.

දායක පිරිස පටිගත කිරීමට නියමිත වේලාවට විනාඩි 30කට පෙර පැමිණිය යුතුය.

35 දෙනෙකුට පමණ සහභාගී විය හැකි අතර සෑම අයෙකුම සුදු, සංවර ඇඳුමෙන් සැරසී ආ යුතුය.
(කාන්තාවන් සාරියකින් හෝ විලුඹ දක්වා දිගැති සායකින් සහ අත් සහිත හැට්ටයකින්ද පිරිමින් සරමක් හෝ කලිසමක් සමග කමිසයකින් සැරසී ආ යුතුය.)

එලෙස පැමිණෙනවිට පහත සඳහන් දෑ රැගෙන ආ යුතුය.

+ මල් වට්ටියක් සඳහා මල්

       + දැහැත් වට්ටියක් සඳහා දැහැත්

            + අටපිරිකර ද ඇතුළුව සෙසු පිරිකර

ස්වාමීන් වහන්සේට දැහැත් පිළිගන්වා ආරාධනා කිරීම සඳහා හෙප්පුවක් භාවිතා කළ යුතු අතර එම හෙප්පුව මෙම ස්ථානයෙන් ලබා දෙනුලැබේ.

 ගමන් මළු, ජංගම දුරකථන, මුදල් පසුම්බි වැනිදෑ දෑතෙහි තබානොගෙන කාර්යමණ්ඩලය විසින් නියම කරන සුරක්‍ෂිත ස්ථානයක ඒවා තබා ධර්ම දේශනාවට අසුන්ගත යුතු මෙන්ම ධර්ම දේශනාව අතරතුර ඡායාරූප ගැනීම සපුරා තහනම් වන අතර ,ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීමද අනිවාර්යය.

ධර්ම දේශනාව අවසන්වනතුරු නිශ්ශබ්දව එම ස්ථානයේම අසුන්ගෙන සිටිය යුතු අතර කුඩා දරුවන් සහභාගී කරගැනීමේදී ධර්ම දේශනාවට බාධාවක් නොවීමට වගබලා ගත යුතුය.

පටිගත කිරීමට ප්‍රථමයෙන් ධර්ම දේශනාවේ පින් අනුමෝදන් පත්‍රය නිවැරදිව, පැහැදිලිව හැකිතාක් කෙටියෙන් පුරවා නිවේදක මහතාට කල් ඇතිව ලබාදිය යුතු අතර ඔහු විසින් ලබාදෙන වාචික උපදෙස් පිලිබඳ විශේෂ අවධානය යොමු කිරීම වැදගත්ය.

දේශක ස්වාමීන් වහන්සේ තිසරණ සහිත පන්සිල් හෝ අටසිල් සමාදන් කරවීමේදී දායක පිරිසද ඒ අනුව සමාදන් විය යුතුය.

පටිගත කිරීමට සහ විකාශය කිරීමට නියමිත දිනයන් නොවැළැක්විය හැකි හේතූන් මත වෙනස් කිරීමට හා ඒ සඳහා වෙනත් දිනයක් ලබාදීමට නාලිකාවට අයිතිය ඇති අතර,දුරකථන මාර්ගයෙන් දායකයන්ට එය දැනුම් දෙනු ලැබේ.

ධර්ම දේශනාවේ සංයුක්ත තැටිය ධර්ම දේශනාව විකාශය වී දින 5කට පසු, මාස 3කට පෙර ලබාගත යුතු අතර මුදල් ගෙවූ රිසිට් පතේ මුල් පිටපත ඉදිරිපත් කිරීමෙන් එය නොමිලේ ලබාගත හැක.
(මාස 3ක කාලය ඉක්මවූ සංයුක්ත තැටි සඳහා අප ආයතනය විසින් කිසිදු වගකීමක් දරණු නොලබන බව කාරුණිකව සලකනන්න.)

ධර්ම දේශනාව සඳහා අයදුම්පත් පහත ස්ථානයන්ගෙන් ලබාගත හැක

ධර්ම දේශනාව සඳහා අයදුම්පත් පහත ස්ථානයන්ගෙන් ලබාගත හැක.

ප්‍රධාන කාර්යාලය –

ශ්‍රී සම්බෝධි මහා විහාරය,

ආර්.ජී.සේනානායක මාවත,

කොළඹ 07.

දු.ක.අ – 011 2 689 307 / 011 7 215 288

ශාඛා කාර්යාලය   –

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරය,

මහනුවර.

දු.ක.අ –  081 4 946 166