The Buddhist TV
2012 මහියංගනය වන්දනා පිංකමේ අවස්ථා කිහිපයක් PDF Print E-mail
Written by Editor   
Friday, 20 January 2012 18:37
mahiyanganaya pinkama 2012People come to see Mahiyanganaya Pinkama at 2012-01-07,08,09

Mahiyanganya

mahiyanganaya stupa opening of lights on auspicious time

kotugoda_dammawasa_thero_in_mahiyanganaya pinkama conducted by Buddhist TV
During the Damma Talk Done by Ven.Kotugoda Dammawasa Thero
Last Updated on Thursday, 26 January 2012 15:47
 
උඳුවප් පුර පසළොස්‌වක පොහොය අපට වැදගත් වන්නේ ඇයි? PDF Print E-mail
Written by Wasantha Gajanayaka   
Thursday, 17 November 2011 18:56

ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි. 

ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක්‌ දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස්‌ රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි. 

තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්‌ද වැඩමවාගෙන එන ලෙසද රජතුමාට උපදෙස්‌ දී ඇත. 

ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස්‌ රජතුමා විසින් හසුනක්‌ පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය. ධර්මාශෝක රජුද මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණියට, ජයශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවක්‌ සහ බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාවට ආරක්‌ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට එවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේද අධිෂ්ඨානයක්‌ තිබූ බව බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත. 

අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරැණිතම වෘක්‌ෂය හැටියටත්, ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මේ බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ දක්‌නට නැත. 

ඒ නිසා අපගේ ජයශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයින් වැඩිය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්‌වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත්ය. එපමණක්‌ නොව උඳුවප් පොහොයේ සිට වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය දක්‌වා උදාවන බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද සිටය. ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප් පොහොය අපගේ කාන්තා පක්‌ෂයට ද බෙහෙවින් වැදගත්ය. 
Last Updated on Saturday, 24 December 2011 11:46
 
බිනර පුන් පොහොය අපට වැදගත් වන්නේ ඇයි? PDF Print E-mail
Written by Site Editor   
Thursday, 01 September 2011 14:14
බිනර පුන් පොහොය දිනය මුලු මහත් ලෝක වාසී කාන්තා පාර්ශවය හට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැක.ඒ අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “විශාලා මහනුවර කූටාගාර ශාලාවේ” වැඩ වෙසෙන සමයේ "මහා ප්‍රජාපතී ගෝතමී" දේවිය හා "රෝහිනී" නදී තීරයේදී පැවදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙක් කසාවත් හැඳ හිසකෙස් සිඳ "කිඹුල්වත්" පුරයේ සිට "විශාලා" මහනුවර දක්වා පැමිණ"අෂ්ට ගරු ධර්ම" පිළිගත් පසු, මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලේ මෙම පුන් පොහොය දිනයේදී වීම නිසාය.

අප බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව "බරණැස් නුවර ඉසිපතනාරාමයේ" වැඩ වාසය කළේය.මහා සංඝ රත්නයේ ආරම්භයත්,ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුලදී සිදුවී ඇති බවට පැරණි පොත පතෙහි සදහන් වේ.

ශ්‍රී ලාංකිකයන් වන අප හට හට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ "තපස්සු – භල්ලුක" වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ "කේශ ධාතු" තැන්පත් කරනලද "ගිරිහඩු සෑය" ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ "ලාලාට ධාතු" තැන්පත් කර ඇති "සේරුවාවිල මංගල මහා සෑය" ඉදිකිරීමේ කටයුතු මෙම උතුම් පොහෝ දිනයේදී සිදුව තිබේ.

                                                                                                                                                                                                
                                  
Last Updated on Thursday, 08 September 2011 14:58
 
Katapath Paura - කැටපත් පවුර PDF Print E-mail
Written by Site Editor   
Tuesday, 02 August 2011 09:43


We have plane to start a new program called "Katapath Paura" which give you an opportunity to publish your creative and sensitive ideas to the world.

we are inviting you to write and send your articles, poems, pictures, photos, short stories or any other creative ideas under Buddhist Philosophy to the "Katapath Paura."


Please email your creations to This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it or post to the following address


The Editor,

Sri Sambodhi viharaya,

The Buddhist media Network,

Gregory's Road,

Colombo 07,

Sri Lanka.


("කැටපත් පවුර" වෙත නිර්මාණ එවන ඔබ සැමට ස්තුතියි.කඩිනම්ව ඔබ වෙනුවෙන් කැටපත්පවුරේ  ඉඩකඩ වෙන්වෙමින් පවතී.)


Last Updated on Thursday, 11 August 2011 14:44
 
«StartPrev123NextEnd»

Page 1 of 3
Click Here to Share on Facebook

 


Users

We have 20 guests online

Logo