News
උඳුවප් පුර පසළොස්‌වක පොහොය අපට වැදගත් වන්නේ ඇයි? PDF Print E-mail
Written by Wasantha Gajanayaka   
Thursday, 17 November 2011 18:56

ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි. 

ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක්‌ දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස්‌ රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි. 

තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්‌ද වැඩමවාගෙන එන ලෙසද රජතුමාට උපදෙස්‌ දී ඇත. 

ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස්‌ රජතුමා විසින් හසුනක්‌ පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය. ධර්මාශෝක රජුද මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණියට, ජයශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවක්‌ සහ බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාවට ආරක්‌ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට එවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේද අධිෂ්ඨානයක්‌ තිබූ බව බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත. 

අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරැණිතම වෘක්‌ෂය හැටියටත්, ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මේ බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ දක්‌නට නැත. 

ඒ නිසා අපගේ ජයශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයින් වැඩිය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්‌වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත්ය. එපමණක්‌ නොව උඳුවප් පොහොයේ සිට වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය දක්‌වා උදාවන බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද සිටය. ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප් පොහොය අපගේ කාන්තා පක්‌ෂයට ද බෙහෙවින් වැදගත්ය. 
Last Updated on Saturday, 24 December 2011 11:46
 
Openinig ceremony of The Buddhist Radio channel PDF Print E-mail
Written by Site Editor   
Thursday, 04 August 2011 09:54
 

click here to more pictures

Last Updated on Thursday, 01 September 2011 17:28
 
Donation for us PDF Print E-mail
Written by Site Editor   
Wednesday, 27 July 2011 13:54

බෞද්ධයා රූපවාහිණිය හා ගුවන් විදුලිය මගින් විකාශය කෙරෙන ධර්ම දේශනාවන් 
සහ අනෙකුත් වැඩසටහන් සදහා බැතිබර දායකත්වය ලබාදීමට දැන් ඔබටත් හැකියාව
ඇත.
ලිපිනය                              දුරකථන අංක              
The Buddhist Media Network,        +94 112689307,
Sri Sambodhi Viharaya,             +94 114422022,
Gregory's Road,                    +94 117215288,
Colombo 07,                 ෆැක්ස්   +94 112689308
Sri Lanka.
e-mail                      
 This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
 
 
    "දාන අතර උතුමිම දානය ධර්ම දානයයි."
 
online Donations

Last Updated on Thursday, 11 August 2011 14:40
 
Sambuddathwa Jayanthi 2600 Theme Song PDF Print E-mail
Written by Wasantha Gajanayaka   
Thursday, 21 July 2011 14:39

Last Updated on Wednesday, 03 August 2011 08:21
 
The Buddhist TV site visits came from the world last month. PDF Print E-mail
Written by Wasantha Gajanayaka   
Tuesday, 05 July 2011 09:59

 

Last Updated on Monday, 01 August 2011 16:58
 
«StartPrev12NextEnd»

Page 1 of 2
Click Here to Share on Facebook
 


Users

We have 17 guests and 1 member online
  • Amila_AP

Logo