Katapath Paura - කැටපත් පවුර
 
Katapath Paura
The Life Of The Buddha PDF Print E-mail
Written by Administrator   
Tuesday, 21 February 2012 17:34
Last Updated on Tuesday, 21 February 2012 17:39
 
2600 වසරක් ගතවන විටත් නොනවතින තථාගත ආශ්චර්යය PDF Print E-mail
Written by Administrator   
Thursday, 17 November 2011 17:36

එමෙන්ම තථාගතයන් වහන්සේගේ සව¢ඥ ධාතූන් වහන්සේලා විවිධ අවස්ථාවල පෙලහර පා ඇති බව ශාසන ඉතිහාසය තුළ අනන්ත වාර ගණනක් සඳහන් වේ. එමෙන්ම වර්‍තමානයේ දී ද සිදුවන බව විවිධ අවස්ථාවල වාර්තා වේ. වම් දළදා වහන්සේ කලිඟු රට වැඩ වසන විට සිදු කරන ප්‍රාතිහාය¸යන් පිළිබඳව දාඨාවංශය වැනි ග්‍රන්ථයන් පිරික්සීමෙන් පසක් වේ.


ලෝකයේ මෙතෙක් පහළ වූ ආශ්චර්යමත්ම උත්තරීතරම මනුෂ්‍ය රත්නය අප තිලෝගුරු තථාගත අරහත් ලොව්තුරා බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේ ප්‍රාතිහාර්ය ඤාණ තුනකින් සමන්තාගත වූහ. එනම් ආදේශන, ප්‍රාතිහාර්යය, අනුශාසනා ප්‍රාතිහාර්යය හා ඉර්ධිප්‍රාතිහාර්යයි. අනුන්ගේ සිත් සතන් කියවා බලා දහම් දෙසීම ආදේශන ප්‍රාතිහාර්ය නම් වේ. අනුශාසනා ප්‍රාතිහාර්ය නම් වන්නේ ශ්‍රී සද්ධර්මය විස්තරාත්මකව විභාග කොට දහම් දෙසීමයි. සෘද්ධි ප්‍රාතිහාර්යය යනු උන්වහන්සේට තිබූ සුවිශේෂී හැකියාවන්ය. එනම් අහසින් ගමන් කිරීම, ජලයෙහි සක්මන් කිරීම, පොළොවෙහි කිමිදී වෙන තැනකින් මතුවීම සහ නොපෙනී ගමන් කිරීම ආදී සුවිශේෂී හැකියාවන්ය.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ උතුම් සම්බුදු පදවිය ලැබීමේ උත්කෘෂ්ඨ අභිමානවත් මොහොත සිදුවන්නේ මෙයට වසර දෙදහස් හයසියයකට පෙරය. එමෙන්ම උන්වහන්සේ මහා පරිනිර්වාණයට පත්වී වසර 2555 ක් ගතවී ඇත. එහෙත් උන්වහන්සේගේ ආශ්චර්යයන් අදටත් අපට දැක ගැනීමට ලැබීමෙන් පසක් වන්නේ උන්වහන්සේ තුළ තිබූ මහා ආශ්චර්යත්මක බලයයි. ශාසන ඉතිහාසය පුරාවටම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යයන් විද්‍යාමාන වේ. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව එම ආශ්චර්යයන් සිදු වන්නේ තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තුළිනි. ඉතාමත්ම ප්‍රසිද්ධ කාරණයක් වන්නේ දුටුගැමුණු මහරජතුමා විසින් ඉදිකරන ලද ස්වර්‍ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භය තුළ ද්‍රෝණයක් පමණ සව¢ඥ ධාතූන් වහන්සේලා නිදන් කරන මොහොතේදී දුටුගැමුණු මහ රජතුමා එම ධාතූන් වහන්සේලා සිය දෝතට ගත්විට අහසට පැන නැඟ බුද්ධ ශරීරයක් මවාගෙන යමාමහ පෙළහර පෑ බව ඉතිහාස ග්‍රන්ථවල දැක්වේ. සමහර විට එම අවස්ථාවල අප එම ආශ්චර්යයන් සියසින්ම දුටුවා වුවත් අද වන විට ඒවා අවිශ්වාස කරන තත්ත්වයට පත් වී තිබීමට පුළුවන.

එමෙන්ම තථාගතයන් වහන්සේගේ සව¢ඥ ධාතූන් වහන්සේලා විවිධ අවස්ථාවල පෙලහර පා ඇති බව ශාසන ඉතිහාසය තුළ අනන්ත වාර ගණනක් සඳහන් වේ. එමෙන්ම වර්‍තමානයේ දී ද සිදුවන බව විවිධ අවස්ථාවල වාර්තා වේ. වම් දළදා වහන්සේ කලිඟු රට වැඩ වසන විට සිදු කරන ප්‍රාතිහාය¸යන් පිළිබඳව දාඨාවංශය වැනි ග්‍රන්ථයන් පිරික්සීමෙන් පසක් වේ. මුලින්ම එහි රජතුමා කිණිහිරකින් දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ උන් වහන්සේ කිණිහිර පසාරු කරගෙන ඇතුළට ගිය ආකාරය විශ්මය ජනකය. ඉන් අනතුරුව එය අපිරිසුදු වළකට දමන ලද අවස්ථාවේ දළදා වහන්සේ අහසට පැන නැග බුද්ධ රශ්මි මාලාවන් විහිදුවා අහසේ ප්‍රාතිහාර්ය පෑ මොහොතේ රජතුමා හොඳටම බියපත් වී දළදා වහන්සේට පහතට වඩින ලෙස ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ රජතුමාගේ හිස මතට වැඩම කරන ලද අතර ඒ රජතුමා ඉතාමත්ම ප්‍රසාදයට හා පැහැදීමට පත් වී දළදා වහන්සේට පුද සත්කාර කිරීම ආරම්භ කරන ලදී. පසුව ලංකාවේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු පාලනය කරන සමයේ දන්ත කුමරු හා හේමමාලා කුමාරිය විසින් වම් දළදා වහන්සේ අප රටට වැඩම වන ලදී. ඉන් අනතුරුව උන් වහන්සේ විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යයන් මෙතෙකැයි කියා කිව නොහැකිය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් විජිතයක්ව පැවතුණු යුගයේදී ඔවුන් දළදා වහන්සේගේ ආශ්චර්යය ගණනකට නොගෙන කටයුතු කර දළදා වහන්සේ තිබූ තැනින් සොලවනවාත් සමඟම මහා වැසි ඇද හැලෙන්නට පටන්ගෙන පාලම් ආදිය කඩාගෙන මුළු ප්‍රදේශයම යට වී මහා විනාශයක් සිදුවූ බව ඇසින් දුටු අය අදටත් පවසති. එම ඡායාරූප පවා අදටත් දක්නට ලැබේ.

පැරණි රජ දරුවන් ඒ ඒ ධාතූන් වහන්සේලා නිදන්කොට දාගැබ් ඉදිකරන මොහොතේදී අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ප්‍රාතිහාර්ය පෑ ආකාරය විශ්මය ජනකය.

විශේෂයෙන්ම මෙම ලිපිය මගින් අපට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ වර්‍තමානයේ ද බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා පෙළහර පානා ආකාරයයි. මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය කළ යුතු වන්නේ කැලණිතිස්ස (ශිව) රජුගේ බෑණාවන ගිරි අභය කුමරු හා කාවන්තිස්ස රජුගේ නැඟණිය වන සෝමා දේවිය විසින් අප බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කර තිබෙන සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳවයි. ලෝකයේ නිරන්තරයෙන්ම ආශ්චQමත් සිදුවීම් සිදුවෙන විශේෂ ප්‍රාතිහාර්යයන් සිදුවෙන අති සුවිශේෂීම ස්ථානයක් ලෙස සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය. පර සතුරු උවදුරු නිසා කාලයක් වල් බිහි වී තිබූ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ වර්තමානය වන විට ලෝ වැසි සියලු ජනතාවට වන්දනා මාන කිරීමට හැකි පරිදි ප්‍රතිසංස්කරණය කර තිබීම දෙව් මිනිස් අප සියලු දෙනාගේම අති මහත් භාග්‍යයකි.

වසර 850 ක් පමණ කාලයක් මුළුල්ලේ ජනශූන්‍යව කැලෑවෙන් වැසී නටබුන් බවට පත්ව තිබු මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳව තොරතුරු සොයා ගනු ලැබුවේ මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1947 දී පමණය. විශේෂයෙන්ම ජනශූන්‍යව පැවතුණත් නටබුන් බවට පත්ව තිබුණත් දකුණු දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන්හි අඩුවක් නොතිබිණි. අප ස්වාමීන් වහන්සේලා මෙම සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ සොයාගෙන පැමිණෙන විට ඒ තුළින් විශේෂ කහපාට බලවත් ආලෝක ධාරාවක් නිකුත් වෙන්නට පටන් ගෙන තිබේ. එමෙන්ම චෛත්‍ය රාජයා තුළින් බෙර හඬ ඇසෙන්නට පටන් ගෙන තිබේ. මෙවැනි අවස්ථා විවිධ අවස්ථාවල සිදු වී තිබෙන බව වාර්තා වෙයි.

විද්‍යාලංකාර පරිවෙණාධිපති, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කුලපති මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය, ආචාර්ය පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය කනින්ම ඇසූ බව නොයෙක් අවස්ථාවල අපමණ ශ්‍රද්ධාවකින් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම බුද්ධ රශ්මි මාලා විහිදුණු අවස්ථා වචනයෙන් විස්තර කළ නොහැකිය. මේ පිළිබඳ දීර්ඝ විස්තර දැන ගැනීමට නම් සෝමාවතී රාජ මහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද ‘බුදුරැස් විහිදෙන සෝමාවතිය’ නම් ධර්‍ම ග්‍රන්ථය කියවිය යුතුය. උන්වහන්සේ විසින් අපමණ ශ්‍රද්ධාවකින් සියලු තොරතුරු එකතු කර ඡායාරූප සහිතව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබීම අතිශයින්ම පැසසිය යුතුය. අප උන්වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනය කළ යුතුය. එමෙන්ම සී. ඩී. තැටියක් මගින් බුදු රැස් විහිදෙන අවස්ථා ඉතා මැනවින් දැකගත හැකිය. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ දකුණු දළදා වහන්සේගේ මහා ආශ්චර්යයයි.

එමෙන්ම පසුගිය දිනක මාගේ උපන්දිනය යෙදී තිබුණු දින මාගේ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු පිංවතුන් සමඟ අප දකුණු දළදා වහන්සේට උතුම් බුද්ධ පූජාව සිදු කොට වන්දනා කළෙමු. ඔක්තෝබර් 28 වන දින ව්‍යඤ්ජන තිස් දෙකක් සහිත රාජකීය ආහාර පූජාව සිදු කළ පසු චෛත්‍ය රාජයාගෙන් විහිදී ගිය බුද්ධ රශ්මි මාලාව අහසේ වියනක් මෙන් රැඳී සිටින අයුරු විහාරාධිපති නාහිමියෝ අපට පෙන්වූහ. මා විශේෂයෙන්ම මෙම ආශ්චර්ය දැකීමට ලැබෙනවා නම් මොනතරම් භාග්‍යයක්දැයි බලාපොරොත්තුවෙන් සිටි අතර එම ආශ්චර්ය දැකීමෙන් මා හට ඇති වූ චිත්ත ප්‍රසාදය අපමණය.

විශේෂයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මැතිතුමා ඇතුළු පිරිස ද ඒ අවස්ථාවට සහභාගි වූ අතර එතුමා ද මෙම ආශ්චර්යය බලාපොරොත්තුවෙන්ම පැමිණ තිබේ. මීට අමතරව එහි සිදුවන හාස්කම් සියල්ලම මෙම ලිපිය මගින් විස්තර කිරීමට නොහැකිය. පසුගියදා ගෞරවනීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ සිදු කළ මහා පූජාවෙන් පසුවද ඊට පෙරද බුද්ධ රශ්මි මාලා විහිදුණු බව විහාරාධිපති නාහිමියෝ මා සමඟ පැවසූහ. එමෙන්ම බොරැල්ලේ සිරිසුමන හිමියන් මෑතදි කරන ලද පූජාවකදී ද කහපාට විශේෂ ආලෝකයක් විහිදුනු බව සහභාගි වූ අය හා විහාරාධිපති හිමියෝ පැවසූහ.

සෝමාවතී චෛත්‍ය රාජයා තුළ නිදන් කර තිබෙන දකුණු දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන් අදටත් අපට දකින්නට ලැබීම අපගේ පෙර පිනේ බලමහිමයයි. මේ තුළින් පසක් වන්නේ අප තථාගතයන් වහන්සේගේ ආශ්චර්යයන් වසර දහස් ගණනක් ගෙවී ගියද පවතින බවයි. එබැවින් අප ඒ ආශ්චර්යමත් වූ අපගේ ශාස්තෘන් වහන්සේ සරණ ගොස් සසර කතරින් එතෙර වීමට අධිෂ්ඨාන කර ගනිමු.

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි.


Last Updated on Monday, 23 January 2012 11:28
 
නිකවැරටිය ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය PDF Print E-mail
Written by Administrator   
Wednesday, 02 November 2011 12:53

කිසාගෝතමීයගේ මුතුහර තැන්පත් කර ඇතැයි කියන නිකවැරටිය නගරයට ආසන්නව ඉදිකර ඇති නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙයි.


පැරණි බෝධින් වහන්සේ

නිකවැරටිය නගරයට කිලෝමීටර් 1 1/2 ක පමණ දුරකින් ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය පිහිටා ඇත.

මෙම විහාර ස්ථානයට බුදුමුත්තාව යන නාමය ලැබීමට හේතු පිළිබඳව නොයෙකුත් දෙනා නොයෙක් ආකාරයෙන් මත ප්‍රකාශ කරති.

එයින් එක් කථාවක් නම් සිදුහත් කුමරුට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුමාලය ශ්‍රී‍්‍ර ලංකාවට ගෙනවිත් තැන්පත් කොට තැනු වෙහෙර බුදුමුත්තා වෙහෙර නම් වූ බවයි.

මෙම කතාවෙන් ප්‍රකාශිත වන අදහස් තහවුරු කෙරෙන පුවතක් කඩඉම් පොතේ සඳහන්වන බව වත්මන් විහාරාධිපති හා පරිවෙණාධිපති වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඹගොල්ලේ ධම්මාරාම හිමියෝ පෙන්වා දෙති.

එම කඩඉම පොතෙහි අප බුදුන්ගේ මුක්තා ධාතුන් වහන්සේ පිහිට වූ දාගැබට වැඳ පුදා ‘ ස්වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය’ යනුවෙන් සඳහන් වන පාඨය අනුව මෙම ස්ථානයේ ඇති චෛත්‍ය මුතුහර මාලය තැන්පත් කොට ඉදි කළ බවට ප්‍රසිද්ධ වී ඇති කතාව හා බැදේ. කෙසේ හෝ මෙම විහාරස්ථානයට ඓතිහාසික පසුබිමක් තිබේ.


මහනුවර යුගයේ ඉදිකර ඇති සංඝාවාසය


විහාරාධිපති දොඹගොල්ලේ ධම්මාරාම නා හිමි

පොළොන්නරුවේ රජකළ ජයබාහු රාජ්‍ය කාලයේදී මෙම ස්ථානයේ ඊශ්වර දේවාලයක් තිබූ බවට ඇතැම්හු මත පළ කරන අතර වර්තමානයේ දැකිය හැක්කේ මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයකි. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. අදවනවිට චිත්‍ර කිසිවක් දක්නට නොමැත. එය කාලයේ ඇවෑමෙන් විනාශයට පත් වී තිබේ.

අද මෙම ටැම්පිට විහාර මන්දිරයේ දක්නට ඇත්තේ වියන් සිතුවම් කිහිපයක් පමණි.

මෙම විහාර ස්ථානයේ දක්නට ඇති මහනුවර යුගයේ තිබූ පැරැණි සංඝාවාසය අද පුරා විද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි.

බුදු මුත්තාව රජමහා විහාර ස්ථානයේ ද්‍රවිඩ සහ පල්ලව අක්ෂරවලින් ලියන ලද සෙල්ලිපි තුනක් දක්නට ඇත. ඉන් දෙකක් පැරැණි ටැම්පිට විහාර මන්දිරයේ ගල්කණු දෙකක සටහන් වී තිබේ.


විහාර ස්ථානයේ දසුනක්

ක්‍රි.ව. 1763 - 1764 වර්ෂයන්ට අයත් කාලය තුළ ප්‍රදානය කෙරුණු තඹ සන්නසක්ද විහාර ස්ථානය සතුව පවතී.


පැරණි ටැම්පිට විහාරය

කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාර ස්ථානය පරිත්‍යාග කරන ලද පුස්කොළ පොත්විශාල සංඛ්‍යාවක් අද සංඝාවාසයේ අල්මාරි දෙකක සුරක්ෂිතව තැන්පත් කර ඇත. කීර්කි ශ්‍රී රාජසිංහ රජු දවස මෙම විහාරය වල්බිහි වී ජරාවාස වී තිබී රජුගේ අනුග්‍රහය ඇතිව නැවත ප්‍රතිසංස්කරණය කරන ලද බව සන්නසේ සඳහන් වෙයි.

 

 
කුසල් වඩමු - අකුසල් දුරලමු PDF Print E-mail
Written by Site Editor   
Wednesday, 02 November 2011 12:47

ශිෂ්ට සම්පන්න දිවිපෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ සිරිත් විරිත් අනුගමනය කරති. සිරිත් යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට , වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය යනාදිය ද මේ සඳහා නිදර්ශනයන්ය. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත් කිරීමෙන් වැළකී සිටිය යුතු දේවල්ය.

‘කුසලය’ නම් යහපත්, හොඳ ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවයි. ‘අකුසලය’ නම් අයහපත් , නරක ක්‍රියාවය. කුසල් වර්ධනය කර ගත යුතු අතර අකුසල් සහමුලින්ම නැති කර ගත යුතු වෙමු. මේ සඳහා ඉවහල් වන්නේ පුද්ගලයාගේ සිත, කය, සහ වචනයයි. බුදුදහමෙහි ‘තිදොර’ නමින් හඳුන්වන්නේ මේවාය.

පළමුව කුසලයෙහි ස්වභාවය හඳුනා ගත යුතුවෙමු. තමන්ටත් අනුන්ටත්, වැඩදායක වන්නේ, හිත සුව පිණිස පවතින්නේ යමක්ද එය කුසල ක්‍රියාවකි. මෙලෙස ලෝවැඩ පිණිස හේතුවන මෙවන් ක්‍රියා සිදු කිරීම, දුෂ්කර, අමාරු දෙයක් බවද බුදුපියාණෝ වදාළහ. කෙසේ නමුදු දුෂ්කරතාවය, අපහසුව නොතකා, ‘යහපත’ ක්‍රියාවට නැංවීම සත්පුරුෂ ලක්‍ෂණයක් බව කාටත් පැහැදිලි විය යුතු කරුණකි. බුදුරදුන්ගේ ඉගැන්වීමෙහි ‘දස අකුසල්’ ලෙස දක්වා ඇත්තේ මේවාය. සත්ව හිංසාව ,නුදුන් දෑ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචනයෙන් බැණ වැදීම, ඕපා දූප හෙවත් හිස් වචන කතා කිරීම, අභිධ්‍යාව හෙවත් අන් සතු වස්තුව කෙරෙහි හට ගන්නා ආශාව, ව්‍යාපාදය හෙවත් අනුන් නැසේවා යි සිතෙන ද්වේෂ සහගත සිතිවිල්ල සහ මිථ්‍යාදෘෂ්ටිය හෙවත් වැරදි දැකීම යනුවෙනි. දස කුසල් ලෙස පෙන්වා දී ඇත්තේ ඉහත දැක්වෙන එක් එක් අකුසලයෙන් වැළකී සිටීමයි. දස අකුසලයන්හි කයින් සිදුවන වැරදි තුනක්ද, වචනය තුළින් සිදුවන වැරදි හතරක්ද, සිතින් සිදුවිය හැකි වැරදි තුනක්ද ඇති බව විමසුම් ඇසකින් යුතුව ඒවා කියවීමෙන් දැන ගත හැකිවනු ඇත.

අකුසලයෙන් වැළකී සිටීම දියුණුවේ පළමු අදියරයයි. මෙලෙස සංයමය කොට කුසලයට නැඹුරු කරගන්නා සිත පිනට දහමට යෙදවීම දෙවන අදියර වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ‘ දස පුණ්‍ය ක්‍රියා’ හෙවත් ‘දස පින් කිරිය වත්’ අපට උගන්වා තිබේ. එනම් දාන, ශීල, භාවනා , පින්දීම, පින් අනුමෝදන් වීම, වත් පිළිවෙත්හි යෙදීම , වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම, ධර්ම දේශනා හෝ ධර්ම සාකච්ඡා පැවැත්වීම හා දහම් පොත්පත් බෙදා හැරීම ධර්ම ශ්‍රවණය හෙවත් බණ ඇසීම සහ දෘෂ්ටිය ඍජු කර ගැනීම හෙවත් නිවැරදි දැකීම දියුණු තියුණු කරගැනීම යනාදියයි. මෙහි නිවැරදි දැකීම නම් කුසල ක්‍රියාවන්හි හොඳ ප්‍රතිඵල ඇති බව යන විශ්වාසය තහවුරු කරගැනීම හෙවත් තවදුරටත් ශක්තිමත් කරගැනීමය.

ගෘහස්ථ බෞද්ධයාගේ නිත්‍ය ශීලය ‘ පන්සිල්’ වේ. මේ එක් එක් සිල් පදයෙහි අංශ දෙකක් නිරූපණය වේ. එනම් විරමණය සහ සමාදානයයි. උදාහරණයක් ලෙස පළමුවැනි සිල් පදය සලකා බලමු. මෙහි සත්ව හිංසාවෙන් හා පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම ‘විරමණය’ යි. ඒ වගේම හිංසාවට හෝ මරණයට නියම වී සිටින සතෙකු ඉන් මුදා ගැනීම ‘සමාදානය’ වේ. දෙවන සිල් පදය ගත් කල්හි නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටීම හා අනුන් සතු දෑ, අයිතිකරුවන් නොමැති විට වුවද ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීම මේ අවස්ථා දෙකයි.

ශිෂ්ට සම්පන්න දිවිපෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ සිරිත් විරිත් අනුගමනය කරති. සිරිත් යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට , වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය යනාදිය ද මේ සඳහා නිදර්ශනයන්ය. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත් කිරීමෙන් වැළකී සිටිය යුතු දේවල්ය. ඕපාදූප කතා කිරීම, දුම්බීම, මත්පැන් ගැනීම, අවේලාවේ වීථි සංචාරය සහ සූදුව යනාදිය මීට නිදසුන්ය.

බුදුරදුන් අප උනන්දු කරවා ඇත්තේ ‘පටිසෝතගාමී’ ප්‍රතිපදාව අනුව දිවි පැවැත්වීමටය. ජීවත්වන්නන් වාලේ ජීවත්වීම, එනම්, ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පසිඳුරන් පිනවමින් ,කම්සුව පසුපස ලුහු බඳිමින් රැල්ලට හසුව සිටීම අනුසෝතගාමී පිළිවෙතය. ඉන් මිදී විමුක්තිය සලසා ගන්නෝ පෙර කී පරිදි පටිසෝතගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්නෝය. මෙය උපමාවකින් දක්වතොත් ගඟ ගලන දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමක් වැන්නය. එනම් පංචේන්ද්‍රියන්හි තත්ත්වාකාරය මැනවින් අවබෝධ කරගනිමින් අනලසව දිවි ගෙවීමය. මේ ආකාරයට කුසලයට නැඹුරු වීමටත්, අකුසලයෙන් වැළකී සිටීමටත් අවශ්‍ය වන්නේ වීය¸ය හෙවත් උත්සාහයයි. මෙම මාහැගි ගුණාංගය ඇති කර ගත හැකි ආකාර හතරක් දහමෙහි දක්වා ඇත. නූපන් අකුසල් එලෙසම මතු නූපදවීම, උපන් අකුසල යළි නූපදවීම, නූපන් කුසල් උපදවා ගැනීම හෙවත් මතු කර ගැනීම සහ උපන් කුසල් වඩා වර්ධනය කරගැනීම යනාදිය ඒ සතරයි. වෙනත් වචනවලින් කිවහොත් තම ජීවිතයේ සිත, කය සහ වචනය මුල් කරගෙන සිදුකොට නොමැති යම් පාපි ක්‍රියාවක් ඇත්නම් එය එපරිද්දෙන්ම අනාගතයේ සිදු නොකර සිටීමටත්, කිසියම් පාපි ක්‍රියාවක් සිදුකොට ඇත්නම් එය නැවත වරක් කිරීමෙන් වැළකී සිටීමටත්, කිසිදා අත්හදා බලා නොමැති යම් පුණ්‍යවන්ත ක්‍රියාවක් කවදා හෝ සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීමටත් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ක්‍රියාවට නංවන ලද යහපත් ක්‍රියාවන් නැවත වරක් සිදුකොට ප්‍රගුණ කරගැනීමටත් උත්සාහවන්ත විය යුතුය.

අකුසලයෙන් මිදීමට ගන්නා පළමු ප්‍රයත්නය හෙවත් වෑයම බොහෝ විට අසීරු වන්නට පුළුවන. ඒ මන්ද, පෘථග්ජන මිනිස් සිත ස්වභාවයෙන් පවට නැඹුරු වන සුළුය. එබැවින් මුළාව හෙවත් නොදන්නාකම හේතුවෙන් දිගු කලක් නැත්නම් කෙටි කලක් සිදුකළාවූ පාපය මකා දැමීම හෙවත් නැති කරගැනීම, සිතන තරම් හෝ කියන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.කෙසේ නමුත් එම අකුසලය දුරු කරගැනීමට නැත්නම් අස් කරගැනීමට වීය¸ දැරීම සත්පුරුෂ ගුණාංගයක් වන බව කිව යුතුය. මෙම කර්‍තව්‍යය උපමාවකින් මෙලෙස පෙන්නුම් කළ හැකිය. දවස් ගණනාවකින් අතු ගා නැත්නම් පිරිසුදු කර නොමැති මිදුලක කොළ විශාල ප්‍රමාණයක් වැටී තිබෙනු දැක ගත හැකිය. එය අතු ගා පිරිසිදු කරනු ලබන පළමු අවස්ථාවේදී මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවනු ඇත. නමුත් පෙර පරිදි කොළ බොහොමයක් වැටෙන්නට කලින් නැවත එය පිරිසුදු කිරීමේදී එතරම් වෙහෙසක් දැරීමට සිදු නොවේ. මක්නිසාද ඉවත් කළ යුතුව තිබෙන කොළ ප්‍රමාණය සාපේක්‍ෂව අඩුවන බැවිනි.

මෙපරිද්දෙන්ම බොහෝ කාලයක් සිත කිලිටි කරමින් පැවැති අකුසලය දුරු කර ගැනීමට වෑයම් කරනු ලබන පළමු අවස්ථාව අභියෝගාත්මක සහ අසීරු වන බවත් ඊළඟ අවස්ථාවන් තරමක් පහසු සේම පි‍්‍රයජනක වන බවත් කිව හැකිය.

යම් කුසල ක්‍රියාවක් සඳහා සිතෙහි ඇතිවන කැමැත්ත, උනන්දුව නැත්නම් ඕනෑකම හඳුන්වන්නේ ‘කුසලච්ඡන්දය’ ලෙසය. මෙසේ හොඳ ක්‍රියාවක් සිදුකිරීමේ නිපුණත්වයක් අප විසින් ගොඩනඟා ගත යුතුය. කරනු ලබන ක්‍රියාවන් සිතට බලපාන අන්දම ධම්මපදයේ එන ගාථා යුගලයක මෙලෙස පිළිබිඹු වේ. යමක් කොට පසුතැවිලි වීමටත්, එහි විපාකය කඳුළු පිරුණු මුහුණින් යුතුව විඳ දරා ගැනීමටත් සිදුවේ නම් එවැනි දෑ කිරීම යහපත් නොවේ.

තවද පසුතැවිලි නොවීමටත්, සතුටින් පිනා යෑමටත්, තුඩුදෙන යහපත් ක්‍රියාවන් ක්‍රියාවට නැංවීම සාධු චර්යාවකි. තවත් ධම්මපද ගාථාවක අකුසලය දුරලීමේත්, කුසලයෙහි පිහිටා සිටීමේත් වගකීම තමන් සතුව පවතින බව පැහැදිලි කර ඇත්තේ මෙසේය. පව් සිදුකරනු ලබන්නේ තමන් විසින්මය. එමඟින් කිලිටි වන්නේ තමන්මය. ඒ හැරත් පවින් වැළකී සිටීමෙන් පිරිසුදු වන්නේ තමාමය. පිරිසුදුවීම හෝ අපිරිසුදුවීම පවතින්නේ තමා තුළමය. වෙනත් කෙනෙකුට තවත් කෙනෙකු පාරිශුද්ධත්වයට පත්කිරීමට හෝ පිරිසුදු කිරීමට නුපුළුවන යනුවෙනි.

මේ අයුරින් කුසල වඩවන තැනැත්තා තම ජීවිතය සරු කරගනියි. කෙමෙන් දියුණුවට පත්වේ. කාටත් පි‍්‍රයශීලි වේ, කාගේත් ප්‍රශංසාවට ලක්වේ.

මේ අනුව කුසල් දහමින් පෝෂණය වීමට සිත් සතන් පුබුදුවාලීමටත් අප කවුරුත් උත්සුක වෙමු.

‘සියලු පවින් දුරුවන්න – සියලු කුසල් දහම්, රැස් කරන්න

තම සිත පිරිසුදු කරන්න – මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි'


කුඹුකේ විසුද්ධි චිත්ත හිමි


 
බෞද්ධ කාන්තා පරපුරෙන් බිදක් PDF Print E-mail
Written by Site Editor   
Tuesday, 06 September 2011 10:56
 අතීතයයි වටිනාකමයි අයිතිය ඉදිරියට තමයයි
ආඩම්බර විය යුතුමය ඇති දැඩි වන ගැහැණු ළමයි

වටිනා පුතෙකු හැදුවා නම ඉතිහාසෙට යෙදුවා
විහාර දේවිය රට වෙනුවෙන් මුහුදට දිවි පිදුවා

හිමි ගුණ හදවතේ දරා කදුලැලි නෙත් දෙකේ පුරා
රජගෙයි  දහදුක් වින්ද පතිවත රැක යසෝදරා

පිය රජු චිත්‍රා කුමරිය එක් ටැම ගේ සිරකෙරුවා
එනමුත් ඇය ගාමිණී කුමරුට තිර ප්‍රේමෙන් හමු වූවා 

හේමමාලී කුමරිය රට බුදු දහමින් සරුකෙරුවා
කේශ කලපයෙ සගවා දළදා හිමි වැඩමෙව්වා

ජය සිරි මහා බෝ සමිදුන් අනුරපුරේ වැඩ  සිටී ද?
සගමිත් තෙරණිය නැතිනම් මෙහෙණි සස්න ඇතිවේවිද?

සාලිය සමගින් අසෝක මාලාවන් එක් වූවා
තිර ප්‍රේමය ලොවහමුවේ කුලබේදය බිද දැමුවා

සම්මා සම්බුදු හිමියන් කුලබේදය අතු ගෑවා  
එයින් පසුව මුළුලෝකය බුදු දහමින් බැබළුවා


 
  (කාන්ති  එස්.පී ආරච්චි , වෙල්සිරිපුර)
Last Updated on Tuesday, 06 September 2011 11:02
 
«StartPrev12NextEnd»

Page 1 of 2
Click Here to Share on Facebook
 


Users

We have 18 guests and 1 member online
  • Amila_AP

Logo